Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
07
"මම පිටරට ගැහැනුන්ගෙන් සල්ලි ගෙන්න ගන්නවා කිව්වා..ඒ කතා ජනප්‍රිය වෙන්න අනෙක් අය හදපු කතා " - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

- "මම පිටරට ගැහැනුන්ගෙන් සල්ලි ගෙන්න ගන්නවා කිව්වා..ඒ කතා ජනප්‍රිය වෙන්න අනෙක් අය හදපු කතා " - ඉසුරු ලොකුහෙට්ටිආරච්චිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

"හිරුත් එක්ක නත්තල් වැඩසටහනට ඇන්දේ නොමිලේ ලැබුණු ඇදුමක්.."

"කැම්පේන් එකක් කරලා මැසේජ් ගහලා දක්ෂකම හදාගන්න බැහැ.."

විශේෂයෙන්ම හිරුත් එක්ක නත්තල් වැඩසටහන සංවිධානය කිරීම ගැන හිරු නාළිකාවේ අධිපතිතුමා වන රෙනෝ සිල්වා මහත්මයාට ඒ වගේම වින්සන් සිල්වා මහත්මයාට, නාළිකා ප්‍රධානි විරාජ් වැලිවත්ත මහත්මයාට වගේම ඒ වැඩසටහනට කලාකරුවන්ට ආරාධනා කරපු රංගන අයියට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. එදා මට අඳින්න ලස්සන ඇඳුමක් මට හරියන විදියට නොමිලයේ හදල දුන්න අශෝක් රංග අයියටත් ස්තුතිවන්ත වෙනවා. ඒ හින්දා තමයි මට ඒ තෑග්ග දිනා ගන්න ලැබුණෙ. මම ලස්සනට කැපිලා පෙනුණේ ඒ ඇඳුම නිසා.


මේ දවස්වල ඉසුරුට ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවල වැඩ ජයයි නේද?
ටෙලි නාට්‍ය කිහිපයක ඉන්නවා. ඊට අමතරව හිරු නාළිකාවේ ජනවාරි 15 ඉඳලා විකාශය වීමට නියමිත සනත් අබේසේකර මහත්මයා අධ්‍යක්‍ෂණය කරන ඉරුදේව කියන ටෙලිනාට්‍යයේත් මේ දවස්වල රූගත කිරීම් කරනවා.

චිත්‍රපට ගත්තොත් සුදේශ් වසන්ත පීරිස් මහත්මයා කරන කලාත්මක චිත්‍රපටයක් වන "සීතල හාදු" චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළා.

ඉසුරු එකකට එකක් වෙනස් චරිත සමඟ ප්‍රේක්‍ෂකයෝ අතරට එන්නෙ අධ්‍යක්‍ෂවරු වෙනස් චරිතවලට ආරාධනා කරන නිසාද? නැත්නම් ඔබ වෙනස් චරිත තෝරා ගන්නා නිසාද?
මම රංගනයට පිවිසෙන්නෙම අතිරේක චරිත කරලනෙ. පොඩි පොඩි සුළු චරිත කරලා, ඊට පස්සේ ක්‍රමයෙන් විවිධ වූ අධ්‍යක්‍ෂවරු සමඟ විවිධ වූ චරිත කරන්න අවස්ථාව ලැබුණා. සමහර සුළු චරිත තියෙනවා අහිංසක චරිත. සමහර ඒවා තියෙනවා ආවේගශීලී චරිත.

ඔහොම විවිධ චරිත හම්බවුණා. ඒ චරිත ඇතුළේ අධ්‍යක්‍ෂවරු, සහාය අධ්‍යක්‍ෂවරු දැක්කා මට විවිධ වූ චරිත කිරීමේ හැකියාව තිබෙනවා කියලා. රංගනයට පිවිසුණ දා ඉඳලම මගේ බලාපොරොත්තුව වුණේ චරිතාංග රංගන ශිල්පියෙක් වෙන එක. එහෙම නැතුව සදාකාලික ප්‍රේමවන්තයා, සදාකාලික දුෂ්ටයා හෝ වීරයා වෙනවා කියල හීනයක් මට තිබුණේ නැහැ. රංගන ශිල්පියා බුද්ධිමත් වෙන්න ඕනේ එකවගේ චරිත නොකර ඉන්න.

පසුගිය දවස්වල ජනප්‍රිය නළුවා සම්මානයට අර ඇන්දත් ඒක ඉසුරුගෙන් ගිලිහුණා නේද?
මම ජනප්‍රිය නළු නාම ලේඛනයෙ හයවැනියට හිටියා. මට සතුටුයි ඒකට. විවිධ චරිත කරලා එතන ඉන්න පුළුවන් කියන එක මරු.

ජනප්‍රියතාව කාලෙන් කාලෙට සාපේක්‍ෂයි. ඒකට හොඳම උදාහරණය මාසයක් තුළ තියෙන සම්මාන උළෙලවල් දෙකක් ගත්තොත් ජනප්‍රිය සම්මානය ගන්නේ දෙදෙනෙක්. ජනප්‍රියතාව එක රැයෙන් ඇතිවෙන්න පුළුවන් දෙයක්. හැබැයි දක්ෂතාව කියන එක එක රැයෙන් එක හීනෙන් හදා ගන්න බැහැ. යාළුවො ටිකකට කියලා කැම්පේන් එකක් කරලා මැසේජ් ගහලා දක්ෂකම හදාගන්න බැහැ. දක්ෂකම සම්මානවලින් කොටු කරන්නත් බෑ. කලාව තරගයක් නෙමෙයිනෙ. රඟපෑම මනින්න මීටර් නැහැ.

ප්‍රේමවන්තයාගේ චරිතයෙන් ජනප්‍රිය වෙන්න පුළුවන්ලු. චරිතාංග නළුවන්ට ජනප්‍රිය වෙන්න පහසු නැද්ද?
ලංකාවේ ප්‍රේමවන්තයාටම කොටු වෙච්ච මගේ පරපුරෙ සහ පෙර පරපුරවල රංගන ශිල්පීන් ඉන්නවා. ඔවුන්ට රඟපාන්න බැරිකමක් නෙමෙයි. මොකද ප්‍රේමවන්තයාගේ චරිතය කරන එක හරි අමාරුයි. ඒක ලේසි නැහැ. ඔවුන් දක්ෂයි. ඒ ගොල්ලන්ට ප්‍රේම චරිත කරලා ඒ ලැබෙන ප්‍රේක්‍ෂක ආකර්ෂණය එක්ක ඒ ගොල්ලො හිතනවා ඇති දුෂ්ට චරිත හෝ වෙනත් චරිත කළොත් ඒ තිබුණ ප්‍රේක්‍ෂක ආකර්ෂණය නැතිවෙයි කියලා.

නමුත් විවිධ චරිත කරන කෙනෙක් හැටියට මම දකිනවා ප්‍රේක්‍ෂක ආකර්ෂණය කියන එකේ ලොකු වෙනසක් නැහැ. හැබැයි ජනප්‍රියම නාළුවා වෙන්න ටාගට් කරගෙන ඉන්නවා නම් ප්‍රේමවන්තයාගේ චරිතය කරන එක ඒකට ලොකු අවස්ථාවක්.

ඔබේ පරපුරේ රංගන ශීල්පීන් අතරින් ඔබට වැඩිම අභියෝගයක් වුණ කෙනෙක් ඉන්නවාද?
මට ලෝකෙ කිසිම නළුවෙක් අභියෝගයක් නෙමෙයි. මම මගෙත් එක්කමයි තරග කරන්නෙ. මට අභියෝගය මම. මම අනෙක් හැම රංගන ශිල්පියෙක් ශිල්පිනියක්ම ආශීර්වාදයක් කරගන්නවා. මොකද මම ඔවුන් සමඟ ඉතා සහයෝගයෙන් වැඩ කරනවා. ඔවුන්ගෙන් ගුරුහරුකම් ලබා ගන්නවා.

හැබැයි මම ලංකාවේ ගරු කරන රංගන ශිල්පීන් කිහිප දෙනෙක් ඉන්නවා. මම මහේන්ද්‍ර පෙරේරා මහත්මයාට ඉතාම ගරු කරනවා. ඒ වගේම ජැක්සන් ඇන්තනී මහත්මයාට, බිමල් ජයකොඩි, උද්දික ප්‍රේමරත්න කියන මේ රංගන ශිල්පීන්ටත් මම හරිම ආසයි. ඔවුන් ඔවුන්ගේ තැන හදා ගත්ත විදියට මම කැමැතියි.

ඔබ ප්‍රවීණයන් අතුරින් අනුගමනය කරන කෙනෙක් ඉන්නවාද?
නැහැ. මම කිසිම රංගන ශිල්පියෙක් ෆලොව් කරන්නෙ නැහැ. හැබැයි ලංකාවේ බිහිවෙච්ච රංගන ශිල්පීන් අතරින් මම ජෝ අබේවික්‍රම මහත්මයාගේ රංගන ආරට ගොඩක් ආසයි සහ ගරු කරනවා. මගේ රංගන ජීවිතයෙ මම දකින වීරයා ඔහු.

රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට ගොසිප් හැදෙනවා. ඉසුරු කියන්නෙ ගොසිප්වලට බය කෙනෙක්ද?
අම්මෝ නෑ. පසුගිය දවස්වල මට හොඳට ගොසිප් ගැහුවනේ. මියුසික් වීඩියෝ එකක ෆොටෝ එකක් අරන් ඒකට ගොසිප් ගැහුවා. මම පිටරට ගැහැනුන්ගෙන් සල්ලි ගෙන්න ගන්නවා කිව්වා. ජනප්‍රිය නළුවා වෙන්න අනිත් අයට පහර ගහනවා කිව්වා.

ඉරේෂා කල්හාරි සේනාධීර




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top